බ්‍රිතාන්‍ය රජ පවුලේ හත් වැනි උරුමක්කාරයාට නම් තබයි (Photos)

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී කුමාරාටත් මේගන් මාකල් ආදිපාදවරියටත් දාව උපන් පුතණුවන්ට ආචි හැරිසන් මවුන්ට්බැට්න් වින්ඩ්සර් ලෙස නම් තබා තිබේ.

ඔටුන්නේ නව උරුමක්කාරයා පසුගිය 06 වැනිදා මෙලොව එළිය දුටු බව රජ මාළිගය නිල වශයෙන් තහවුරු කළා.

මේ අතර සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය බිලිඳු පුතු සමග ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේය.

කුමාරයා යන රාජකීය නිල නාමය මෙම බිළිඳාට උරුමයෙන් නොලැබෙන අතර එය ලබා දිය හැක්කේ එලිසබත් රැජිණගේ මනාපය සහ අනුමැතිය යටතේයි.

මේ අනුව හැරී කුමරුන්ගේ සහ මේගන් ආදිපාදවරියගේ පුත්‍රයා රාජකීය කුමාරයෙකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන තීරණය ගනු ලැබිය යුත්තේ එලිසබත් රැජිණ විසින්ය.

සසෙක්ස් ආදිපාද යුවලට ලැබුණු මෙම අලුත උපන් බිළිඳාට බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත් වන ස්ථානය හිමි වෙයි.

එහි හය වන ස්ථානයේ සිටින්නේ කුමරුගේ පියා වන හැරී කුමරායි.

රජ පවුලට එක්වුණු මෙම අලුත් සාමාජිකයා සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණියගේ 8 වන මී මුණුබුරා ලෙසයි.

 

Leave A Reply

Your email address will not be published.