කැකිරාවේ රිය අනතුරකින් 03දෙනෙකු ජිවිතක්ෂයට

කැකිරාව මඩඇටිගම ප්‍රදේශයේ අද (15) සිදු වු රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.

ලොරි රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මිය ගොස් ඇත්තේ වැන් රථයේ පැමිණි පිරිසක් බව වාර්තා වෙයි.

තුවාලකරුවන් 06 දෙනෙකු මේ වන විට දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වන්දනා චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් වෙයි.

 

Leave A Reply

Your email address will not be published.