තුම්මෝදර ප්‍රදේශයේ ආරක්ෂක අංශවල නිල ඇදුමකින් සැරසුණු පුද්ගලයා සොයයි

නාත්තණ්ඩිය  තුම්මෝදර ප්‍රදේශයේ කලහකාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශවල නිල ඇදුමකින් සැරසුණු පුද්ගලයා හදුනාගැනීමට මහජන සහය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

එම කලහකාරී ක්‍රියාව සිදුවන අවස්ථාවේ අදාල පුද්ගලයා රැදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට යුධ හමුදාව වෙත ලැබි තිබේ.

ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා. එවැනි වීඩියෝ දර්ශන හෝ සාක්ෂි තිබේනම් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා නොහැර ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දන්වා සිටියේ.

Leave A Reply

Your email address will not be published.