අද පොලිස් ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද (16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වයඹ පළාතේ සහ ගම්පහ කොට්ඨාශයේ කිසිදු ප්‍රචණ්ඩකාරි සිද්ධියක් මේ වන විට වාර්තා නොවීම හේතුවෙන් අද දිනයේ දී ඇඳිරි නීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.