රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වෙයි

සිම්බාබ්වේ හිටපු ජනාධිපති සහ ප්‍රථම ජනපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ.

95 හැවිරිදි වියේ පසුවු මොහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ අතර, 1980 දී එරට නිදහස ලැබූ විට එහි පළමු අගමැති බවට පත් විය.

1987 දී ඔහු ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් විය.

 

Leave A Reply

Your email address will not be published.