චන්ද්‍රයාන් -2 ගැටළුවක ; බලාපොරොත්තු අත්හල යුතු නෑ – මෝදි කියයි

සඳෙහි ගවේෂණය නොකළ දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්ස විමේ පළමු රට බවට පත්වීමට ඉන්දියාව ගත් උත්සාහය අසාර්ථක වි තිබේ.

මීට මාසයකට පමණ පෙර ඉන්දියාව විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රයාන් -2 යානය සඳට කිලෝමීටර් 2.1 ක් පමණ දුරින් සඳ වෙත ළඟා වි තිබියදි ඒ සමග පැවති සම්බන්ධතාවය නැතිවු බව ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) පැවසුවේ.
චන්ද්‍රයාන් -2 යානය පසුගිය අගෝස්තු මස 20 වෙනිදා සඳෙහි කක්ෂයට ඇතුල්වු අතර ගුවන් ගත කර මාසයකට පසුව සිකුරාදා (06) දින සඳ මතට ගොඩබෑමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් සියල්ල මනා ලෙසින් සිදුවෙමින් තිබියදී යානය සහ අභ්‍යවකාශ පාලන මැදිරිය සමග පැවති සම්බන්ධතාවයන් ඇණ හිටිය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ඓතිහාසික අවස්ථාව සියැසින් දැක බලා ගැනිම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලන මැදිරියට ආසන්නයේ පිහිටි විශේෂ කුටියේ සිටි තිබේ.

කෙසේ නමුත් ඉන්දීය අගමැති පවසා ඇත්තේ චන්ද්‍රයාන් -2 යානය ඇති වු ගැටළු හේතුවෙන් බලාපොරෝත්තු අත්හල යුතු නොමැති බවයි.

ජිවිතයේ ඉහල පහල යෑම් සිදුවන බැවින් මේ ලැබු ජයග්‍රහණය කුඩා එකක් නොවන බව ප්‍රකාශ කල ඉන්දිය අගමැතිවරයා, මෙමගින් ජාතියටත්, විද්‍යාවට හා මානව වර්ගයාට විශාල සේවයක් කර ඇති බැවින්, තමන් නිරන්තරයෙන්ම සහයෝගයට සිටින බවට ප්‍රකාශ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.