කොහොඹ සහ නෙල්ලි හෙයා ටොනික් – අත්හදා බලන්න ඔබත් පුදුම වේවි!!!!

දිනපතා පාවිච්චි කලොත් පුදුමාකාර ලෙස හිසකේ වර්ධනය වන, හිස්හොරි සඳහටම නැතිවෙන, දින 14කින් හිසකේ වර්ධනය වෙන්නට පටන් ගන්නා විශ්මිත ආයුුර්වේදීය හෙයා ටොනික් එකක්…..

හෙයා ටොනික් ගැන කියන්නේ මොකක්ද? හෙයා ටොනික් මුලින්ම සොයා ගත්තේ ජපන් ජාතිකයන් විසින්. හිසකේ පුදුමාකාර ලෙස වර්ධනය කරන, හිසකේ සුදු වීම වලක්වන, හිස්හොරි නැතිම කරලා දාන, හිසකෙස් ගැලවී යාම සහ තුනීවිම අවම කරන සම්භාහන වතුරක් ලෙසයි මෙය සොයාගෙන ඇත්තේ.

ඇත්තටම හොඳ හෙයා ටොනික් එකක ප්‍රතිඵල පුදුම සහගතයි.එය හෙයා ටොනික් දිනපතා පාවිච්චි කරන අය හොදින් දන්නවා. හිසකේ වල ඇතිවන ප්‍රශ්ණ 1000කට හොඳම විසඳුම තමයි හෙයා ටොනික්.

අද අපි හඳුන්වා දුන්නේ එවැනි විශ්මිත ප්‍රතිඵල දෙන හෙයා ටොනික් එකක්.මෙය නිවසේදිම සාදා භාවිත කරන්න. එක්වරක් මෙය සාදාගතහොත් සති 02කට පමණ ප්‍රමාණවත් වෙයි.

හෙයා ටොනික් එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රවය

  • කොහොඹ කොළ 100ක් ගෙන එය හොඳින් වියළා ගන්න.පසුව පිරිසිදු ග්‍රයින්ඩරයක දමා කුඩුකරගෙන කොහොඹ කොළ කුඩු ලබා ගන්න.
  • නෙල්ලි කුඩු බෙහෙත් කඩවල තියෙනවා. නැතිනම් වියළි නෙල්ලි බෙහෙත් කඩෙන් ගෙන එයත් ග්‍රයින්ඩරයක දමා කුඩුකරගෙන නෙල්ලි කුඩු ග්‍රෑම් 250ක් ලබා ගන්න.
  • උළු හාල් කුඩු ග්‍රෑම් 100ක්
  • වියළා ගත් ගොටුකොළ වලින් සාදාගත් ගොටුකොළ කුඩු ග්‍රෑම් 100ක්
  • සපත්තු මල් 20ක් (හිබිස්කස් ෆ්ලවර්)
  • පාස්ලි කොළ කුඩු ග්‍රෑම් 100ක් (ගොටුකොළ කුඩු සාදා ගන්නා අකාරයට සාදා ගන්න)

හෙයා ටොනික් එක සාදාගන්නා අකාරය

  • ඉහතින් දැක්වු සියල්ල සුදානම් කරගන්න. පිරිසිදු බඳුනක් ගන්න.
  • එයට මේ සියල්ල දමන්න. තරමක් ඝන සාස්පානයක් විය යුතුය. දැන් එයට වතුර  ලීටර් 02ක් දමන්න.
  • ලිපේ තබා හොදින් හැඳි ගාමින් විනාඩි 30ක් පමණ රත් කරගන්න.
  • පසුව ලිපේ දැල්ල ඉතාම අඩු කර පැයක් ඉතාම මද ගින්නේ තබන්න.
  • දැන් පෙරණයක් මතට ඉතා පිරිසිදු කපු රෙදි කැබැල්ලක් මා මේ හෙයාෙ ටොනික් එක පෙරා ගන්න. පිරිසිදු බෝතලයකට දමා ගන්න.

පාවිච්චි කරන අකාරය

  • මුළු හිස් කබල පුරාම හෙයා ටොනික් එක තැවරු පසුව ඇඟිලි තුඩු වලින් කවාකාරව මසාජ් කරන්න.මේ කටයුත්ත විනාඩි 45ක් කල යුතුය. අතරමැදදි මේ හෙයා ටොනික් එකෙන් තවත් ටිකක් ගෙන තවරන්න.
  • මේ සත්කාරය නිදාගැනීමට පෙරත් කරන්න. දවසට දෙවතාවක්.
  • මේ කාලය තුල අධික රසායන ද්‍රව්‍ය සහිත ෂැම්පු භාවිත කරන්න එපා.
  • හොඳ ආයුර්වේද ෂැම්පු එකක් පමණක් භාවිතා කරන්න. නැතිනම් හර්බල් බේබි ෂැම්පු එකක් පාවිච්චි කරන්න.

Leave A Reply

Your email address will not be published.