වවුනියාවේ බොහෝ කලක සිට පැවැති කුල ප්‍රශ්නය නැවත මතු වී විශාල ගැටුමක් හට ගනී

වවුනියාව ඕමන්ත කායක්කුලම ප්‍රදේශයේ පිරිස් දෙකක් අතර කුල ප්‍රශ්නයක් මත බොහෝ කලක සිට ඇතිව තිබෙන ආරවුල යළි ඉස්මතු වී ඊයේ (7) රාත්‍රියේ ඔවුන් අතර විශාල ගැටුමක් හට ගෙන තිබේ.

මේ ගැටුමේදී දෙපිරිස කැති හා පිහි වලින් එකිනෙකාට කොටා ගැනීම නිසා දෙපාර්ශ්වයේම පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට තිබේ.

මීට පෙර එක් අවස්ථාවකදීද මේ දෙපාර්ශ්වය අතර විශාල ගැටුමක් හට ගත් අවස්ථාවේදී පොලීසිය ඊට මැදිහත් වී ගැටුම සමථයකට පත්ව තිබුණි.

නමුත් යළිත් පැරණි කෝන්තරය අලුත් වීම නිසා මේ ගැටුම හට ගෙන තිබේ.

වවුනියාව ඕමන්ත පොලීසිය මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.