ජපානයට ප්‍රභල සුළි කුණාටු තත්ත්වයක්

‘‘ෆැක්සායි’’ නම් ප‍්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.  පැයට කිලෝ මීටර් 210ක පමණ වේගවත් වූ සුළං ධාරා සහ දැඩි වර්ෂාවක් ද සමගින් ෆැක්සායි, ටෝකියෝ අගනුවරින් රට තුළට ඇතුළු වන බව විදෙස් වාර්තා පැවසුවේය.

ඉදිරි පැය කිහිපය තුළදී එම ප්‍රදේශයෙන් මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි.

මේ සමඟ ඇතැම් ප්‍රදේශවලට නායයෑම් හා ජල ගැලීම් අවදානමක්ද මතුව ඇති අතර විදුලි බිඳ වැටීම් හේතුවෙන් දෙලක්ෂ අනූ දහසක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් කලාපයේ ගුවන් ගමන් වාර සියයක් පමණ අවලංගු කර ඇති අතර දුම්රිය සේවාවද අඩාලවී තිබේ.

 

Leave A Reply

Your email address will not be published.