පාකිස්ථාන තරග සංචාරය සඳහා නව නායකයෙක්

පාකිස්ථාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබාදී ඇත.

විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා එම තරග සංචාරයට එක් නොවන බව දැනුම්දී ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (09) නිවේදනය කළේ.

ඒ අනුව එම ක්‍රීඩකයින් නොමැතිව පාකිස්ථාන තරඟ සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එක්දින තරග 3කට සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3කට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.