අකුණු සැර වැදුණු පොල් ගස නිසා නිවසේ කොටසක්ද ගිනි ගනී

වවුනියාවේ තෙක්කවත්ත ප්‍රදේශයේ නිවසකට යාබදව තිබූ පොල් ගසකට ඊයේ (10) රාත්‍රී අකුණු සැර වැදී එම පොල් ගස ගිණි ගැනීමත් සමගම නිවසේ පසු පස කොටසක්ද ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ.

ගින්න හටගත් අවස්ථාවේම වවුනියාව නගර සභාවේ ගිණි නිවන ඒකකයට මේ පිළිබදව දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ ගින්න නිවා දමා තිබේ.

ගින්න නිවීම ප්‍රමාද වූයේ නම් එම නිවස මුළුමනින්ම ගිණි ගෙන විනාශ වීමට ඉඩ තිබූ බව වවුනියාව පොලීසිය පැවසීය.

Leave A Reply

Your email address will not be published.