රනිල් – සජිත් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වුවත් සාකච්ඡා සුභවාදි

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

එම සාකච්ඡාව ඊයේ(11)  රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එය පැය 02ක පමණ කාලයක් පැවැත්වුණි.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ පැවැති සාකච්ඡාව ඉතා සුභවාදී එකක් වූ බවයි.

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවෙන් අරමුණ වී තිබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම සාකච්ඡාව පසුගිය ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය ඊයේ දිනය දක්වා කල් දමනු ලැබුවේය.

Leave A Reply

Your email address will not be published.