යුධ හමුදා භට පිරිසකට පහර දුන් තරුණයින් පිරිසක් අත්අඩංගුවට

මුලතිව් පුදුකුඩීඉරිප්පු මන්තුවිල් යුද හමුදා කදවුරේ භටයින් පිරිසකට ඊයේ (10) රාත්‍රී පළාතේ තරුණයින් පිරිසක් පහර දී පලා ගොස් තිබේ.

මේ පිළිබදව යුද හමුදාව විසින් පුදුකුඩීඉරිප්පු පොලීසියට  පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකදී සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හමුදා කදවුරට ආසන්නයෙන් වූ අතුරු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන්කරමින් සිටි පිරිසක් කදවුරේ හමුදා භටයින්ට මේ පහර දීම සිදු කොට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.

Leave A Reply

Your email address will not be published.