නිවෙසකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කඩු රැගත් කල්ලියේ සාමාජිකයින් 3ක් ඇල්ලීමට මෙහෙයුම්

වවුනියාවේ මදවයිත්තකුලම් ප්‍රදේශයේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි කඩු රැගත් කල්ලියක සාමාජිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා අද (11) වවුනියාව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ත්‍රීරෝද රථයකින් මේ නිවස වෙත අද (11) පැමිණ ඇති තරුණයින් තුන් දෙනෙකු  නිවසේ උදවිය කැදවා ඔවුන්ට බැන වැදී තර්ජනය කොට තිබේ.

මේ අවස්ථාවේදී එතැන සිටි අයෙකු ත්‍රීරෝද රථයේ කඩු තිබෙනු දැක වහාම පොලීසියට ඒ බව දැණුම් දීමත් සමගම ප්‍රහාරය සදහා පැමිණි තරුණයෝ සියලු දෙනාටම මරණීය තර්ජන එල්ල කොට පලාගොස් තිබේ.

පොලීසියට ලැබුණු පැමිණිල්ල මත වවුනියාව පොලීසිය කඩු කල්ලියේ සාමාජිකයින් තුන් දෙනාව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Leave A Reply

Your email address will not be published.