ලක්ෂ 10ක වටිනාකමින් යුත් හෙරෝයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

මන්නාරමේ තිරුකේතිස්වරන් ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 230 ක් සමග එක් සැකකරුවකු මන්නාරම පොලීසියේ නිලධාරීන් විසින් අද(25) අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මැදවච්චිය මන්නාරම මාර්ගයේ සිට කළ පරීක්ෂා කිරීමකදී අදාල සැකකරු ත්‍රී රෝද රථයකින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී ඔහුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ මත්ද්‍රව්‍ය මන්නාරමට රැගෙන විත් ඇත්තේ වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීම සදහා බවට
පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් මන්නාරම පොලීසියේ නිලධාරීන් ප්‍රශ්න කරගෙන යන අතර අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක අයෙකි.

මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.