පාකිස්ථානයට ජය

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණ 305 ක් දිනා ගත්තේය.

එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ 238 ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් 6 වන කඩුල්ලට ලකුණු 177 ක අගනා සබඳතාවක් ගොඩ නැගීය.

පන්දු යැවීමේදී උස්මන් ශින්වාරි ලකුණු 51 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 5 ක්.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය හෙට (02) කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.