ප්‍රංශයේ පිහි ඇනුමකින් පොලිසියේ සිව්දෙනෙකු මරුට

ප්‍රංශයේ පැරිස් අගනුවර පොලිස් මූලස්ථානයේ සේවකයෙකු විසින් සිදුකළ පිහි ඇනුමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ එක් පරිපාලන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ කර නොමැති අතර, ඔහු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ගොඩනැගිල්ල තුළ සිටි බොහෝ පිරිස් කඳුළු වගුරුවමින් ඉන් ඉවතට දිවගිය බවයි.

මෙම සිද්ධියෙන් පසුව එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශය පුරා පොලීසිය විසින් වැඩවර්ජනයක් දියත් කර දිනකට පසුව මෙම සිදුවීම වාර්තාවීමද විශේෂත්වයකි.

සේවා ස්ථානයේ ඇතිවූ ආරවුලක් මත එම ප්‍රහාරය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.

මේ අතර ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සියා ශෝකය පළකර තිබුණි.

එමෙන්ම ඔහු අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.