සෙල්ෆි ඡායාරූපයකට මුහුණ දෙන්න ගිය මනාලිය ඇතුළු සිව්දෙනෙක් ජලාශයකට වැටී මරුට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජලාශයකට වැටීමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

ජම්බර්හි වාරි ජලාශයක් අසළ එම පුද්ගලයින් විසින් ජලාශයේ බැම්ම මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ජලාශයට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සඳහා සාමාජිකයින් 6ක් එක්වී ඇති අතර ඉන් මනාලයා සහ ඔහුගේ සොහොයුරිය පමණක් දිවි ගලවාගෙන ඇත.

සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේ දී සිදුවූ අනතුරුවලින් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.