ටිපර් රථයේ ගැටුණු යතුරුපැදිකරු මරුට

මුලතිව් පුදුකුඩීඉරිප්පු මාර්ගයේ ඔට්ටිසුඩාන් ප්‍රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් ඊයේ (7) සවස යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් තිබේ.

මේ අනතුර සිදුව ඇත්තේ පස්වරු හතරට පමණය.

යතුරු පැදිකරු ටිපර් රථයට යට වීමෙන් ඔහුගේ සිරුරේ පාද කැබලි වී තිබූ අතර ටිපර් රථයේ  රෝද ඔහුගේ සිරුර මතින් ධාවනය වී තිබේ.

මේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  ඔට්ටිසුඩාන් ප්‍රදේශයේ පදිංචි නල්ලකුමරන් රාසකුමරන් නැමති හතළිස් හතර හැවිරිදි අයෙකි.

මුලතිව් ඔට්ටිසුඩාන් පොලීසිය ටිපර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.