හිටපු එල්.ටී.ටී.සාමාජිකයෙකු හෙරොයින් ළග තබා ගැනීමේ වරදට රිමාන්ඩ්

රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.සාමාජිකයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 450ක් ළග තබා ගැනීමේ වරදට ඔහුව මේ මස 17 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා අද (8) නියෝග කොට තිබේ.

වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ පදිංචි මෙම හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයා හෙරොයින් අලෙවි කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් පැකැට්ටුව හමු වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුව කනගරායන්කුලම පොලීසිය වෙත බාර දීමෙන් පසුව පොලීසිය ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

Leave A Reply

Your email address will not be published.