ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ (08) රැස් වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදී පත්කර තිබෙනවා.

ජනපති විසින් මෙම පත්කිරීම කර තිබෙන අතර මෙය සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විතයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරයි.

ජනාධිපතිවරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සදහා පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටින බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පළ කිරිමට තීරණය කර තිබෙන බවද ප්‍රකාශ වී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.