යුද හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන්….

යුද හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනාංක මුලස්ථානය විසින් ප්‍රදේශයේ ජීවත් වන අඩුආදායම්ලාභි ගැබිණි මව්වරුන් සදහා  දිවා ආහාර වේලක් හා වියලි සලාක ඇතුලු ත්‍යාග  පිරිනැමීමේ අවස්ථාවක් පසුගියදා සංවිධානය කොට තිබුණි.

ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුව 70 වන සංවස්තරයට සමගාමීව බළප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින්  මෙම වැඩ සටහන සංවිධානය කොට තිබුණි.

ඒ සදහා මූල්‍ය දායකත්වය මහනුවර කුණ්ඩසාලේ පදිංචි කේ ප්‍රියන්ත දයානන්ද මහතා ඇතුලු පවුලේ සියලුදෙනා විසින් ලබාදී ඇති අතර 14 ස්වේඡා පාබල හමුදාව වෙතින් සංවිධානය කර ඇත.

ගැබිණි මව්වරුන්ගේ වැඩ සටහනට අමතරව  213 බළසේනාව වෙතින් එම ප්‍රදේශයේ ඇති සෙල්වර් ස්ටෝරියන් ළමා නිවාසයේ සිටින ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදීමක් සිදු කර ඇති අතර, ඒ සදහා මූල්‍ය දායකත්වය  සීදූව ප්‍රෙද්ශයේ වෙළද ව්‍යාපාරික සුරේෂ් එරංග මහතා විසින් ලබාදී ඇත.

621 බළසේනාවට අයත් වහල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 130 ක් සදහා පාසල් උපකරණ බෙදාදීමක් සිදු කරන ලදි.

මෙම අවස්ථාවන් සදහා 62 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ මහතා ඇතුළුව, 621 බළසේනාධිපති, 14 (සෙව්) පාබල හමුදාවේ අණදෙන නිළධාරි 17 ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිළධාරි, ඇතුලු 62 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, 213 බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි, 5 (සෙව්) පාබල හමුදාවේ අණදෙන නිළධාරි ඇතුලු සෙසුනිළයින් සහ ගැබිණි මව්වරුන් පාසල් දරු දැරියන්  සහ ප්‍රදේශවාසීන් සහභාගී  වූහ.

Leave A Reply

Your email address will not be published.