හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි මහාධිකරණයෙන් නියෝග

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (09) නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

Leave A Reply

Your email address will not be published.