දිය ඇල්ලෙන් ඇද වැටී මිය ගිය අලි ගණන ඉහළට

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක පිහිටි ජලාශයකට ඇදවැටීමෙන් මියගිය අලින් ගණන එකොළොස් දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ එරට කාඕ යායි ජාතික වනෝද්‍යානය තුළ පිහිටි “හෙල්ස් ෆෝල්” නමැති දියඇල්ලකින් මෙම සතුන් පහළට ඇද වැටී ඇති බවයි.

දිය ඇල්ලට ඇදවැටුණු අලි පැටවෙක් බේරාගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

මීට පෙර අලි 6 දෙනෙකු මිය ගිය බව පැවසුවද ඩ්‍රෝන කැමරා මඟින් ලබාගත් ඡායාරූපවලට අනුව අලින් එකොළොස්දෙනෙක් මියගොස් ඇතැයි තහවුරු කළ හැකි බව තායි බලධාරීන් පවසයි.

අලි දෙදෙනෙක් දිවිබේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

අපායේ දියඇල්ල යන තේරුම් ඇති මෙම දියඇල්ලට ඇදවැටීමෙන් මීට පෙරද අලි රංචුවක් මියගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.