නිවැසියන් සමග අමනාප වී සියදිවි හානි කරගැනීමට තැත් කරයි

වවුනියාවේ කනගරායන්කුලම ප්‍රදේශයේ වැසියෙකු නිවසේ උදවිය සමග අමනාප වී සියදිවි හානිකර ගැනීම සදහා  වස බෝතලයක් පානය කොට කැළයේ සිටියදී මාර්ගයේ ගමන් කළ තරුණයින් පිරිසක් ඊයේ (8) ගිලන් රථයක් රැගෙනවිත් එම පුද්ගලයාව රෝහල් ගත කොට තිබේ.

මේ පුද්ගලයා සියදිවි හානි කර ගැනීම සදහා කෘමිනාශක බෝතලයක්ම පානය කොට ඇති අතර ඒම බෝතලයද ඔහු අසලම වැටී තිබී ඇත.

මේ පුද්ගලයාව රෝහල් ගත කිරීමට පෙර එම තරුණයින් පිරිස කනගරයන්කුලම පොලීසියට ද සිද්දිය දැණුම් දී පොලීසියේද සහය ඇතිව ගිලන් රථයක් රැගෙන විත් ඔහුව රෝහල් ගත කොට තිබේ.

සවස් කාලය වන විට මේ පිළිබදව ආරංචිය ලැබී වස පානය කළ තැනැත්තාගේ ඥාතීන් වවුනියාව මහ රෝහල වෙත පැමිණ තිබේ.

මේ වන විට වස පානය කළ තැනැත්තාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර වවුනියාව පොලීසිය හා කනගරායන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.