පූජිත් සහ හේමසිරි ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.

ඇප නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කර ඇත.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළේය.

 

Leave A Reply

Your email address will not be published.