මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුබව පිටුදැකීම උදෙසායි – ජනපති

මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුබව පිටුදැකීම උදෙසායි – ජනපති පවසයි

ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ සිදු විය.

2018 දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි දී ජනතාව තම දුෂ්කර ජීවිතය පිළිබඳ ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

එහි දී ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව දිළිඳුකම පිටුදැකීම උදෙසා ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස යුද හමුදාවේ ද සහාය ඇතිව ආසිරිගම සක්‍රීය ව සංවර්ධනයට ලක් කෙරිණි.

මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව යි. මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩසටහන් රජය දියත් කළේ එබැවින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගතයේ දී යහපත් රටක් ගොඩනැඟීමට මත්ද්‍රව්‍යවලින් නිදහස් ගමක් ගොඩනැගිය යුතු බව ද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.