පොලිසියෙන් රියදුරන්ට දැනුම් දීමක් (Video)

කාර්මික දෝෂයකට ලක් වීමක් නිසා හෝ වෙන ඕනෑම හේතුවක් නිසා වාහනයක් කිසියම් ස්ථානයක නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා යන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේ කළ නොහැකි අවස්ථාවකදී නම් 119 දුරකථන අංකය අමතා ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම වාහනයේ රියදුරුගේ දුරකථන අංකය පැහැදිලිව පෙනෙන සේ වාහනයේ දර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

ඉහත කිසිම ආකාරයකට කටයුතු නොකරන ලද වාහනයක් සම්බන්ධයෙන් සැක කටයුතු තත්වයක් ඇති වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකාය, බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදා වාහනයේ සෑම කොටසක්ම සියුම්ව පරීක්ෂා කරන බවද ඔහු පැවසීය.

 

නොයෙකුත් ස්ථාන වල විවිධ පුද්ගලයින් විසින් නවතා යනු ලබන වාහන සම්බන්ධයෙන්….

නොයෙකුත් ස්ථාන වල විවිධ පුද්ගලයින් විසින් නවතා යනු ලබන වාහන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අදහස් දැක්වීම.

Posted by Sri Lanka Police Media Division – SLPMD on Thursday, 17 October 2019

Leave A Reply

Your email address will not be published.