ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස පැමිණි පස් දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස පැමිණි දෙමළ ජාතිකයින් පස් දෙනෙකු ඊයේ (20) නාවික හමුදාව විසින් තලෛයිමන්නාරම, පියර් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෛයිමන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මුර සංචාරයකදීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පේසාලේ, යාපනය, තලෛයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 1990 වසරේදී යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට පලා ගිය පිරිසකි.

නාවික  හමුදාව විසින් අත්අඩංගුවට ගත් මේ දෙමළ වැසියන් පස් දෙනා මන්නාරම පොලීසිය වෙත බාර දීමෙන් පසුව පොලීසිය ඔවුන්ව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.