වෑන් රථයක් පාරෙන් ලිස්සා පෙරළී යාමෙන් එක් අයෙක් මරුට – 4කට තුවාල

කිළිනොච්චියේදී වෑන් රථයක් පාරෙන් ලිස්සා පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් එක් අයෙකු මරුමුවට පත්වී තවත්  හතර දෙනෙකු ඊයේ (20) සවස තුවාල ලබා තිබේ.

මේ අනතුර සිදුව ඇත්තේ කිළිනොච්චියේ කිලෝ මීටර් 156 කණුව අසලදීය.

සවස් කාලයේ මද වර්ෂාව පැවති අවස්ථාවේදී වෑන් රථය අධික වේගයෙන් ධාවනය වූ අවස්ථාවේදී එම වාහනය පාරෙන් ලිස්සා ගොස් පෙරළීම නිසා මේ අනතුර සිදුව තිබේ.

වෑන් රථය පෙරළුණු අවස්ථාවේදී එහි ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා සිටි අතර ඔවුන්ව වහාම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තුවාල කරුවන් අතර සිටි යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ පදිංචි කදිරපිල්ලේ ජෙමිනි නැමති නැමති අය මිය ගොස් තිබේ.

එකම පවුලකට අයත් පිරිසක් ගමන් කරමින් සිටියදී වෑන් රථය අනතුරට පත්ව තිබේ.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.