පුත්තලම සුළං බලාගාරයක ගින්නක් (Video)

කොළඹ: පුත්තලම් හි දලුවා හි පෞද්ගලික සුළං බලාගාරයක ඊයේ(28) සවස ගින්නක් හටගෙන තිබේ.

නොරොචොලායි පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එක් සුළං ටර්බයිනයක් තුළ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.

සුළං ටර්බයිනයේ මුදුන අසල ගින්න හටගෙන කෑලි බිමට වැටෙන බව ප්‍රදේශවාසීන් දැක තිබේ.

මීටර් 100 ක උසකින් යුත් සුළං ටර්බයිනය ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් දෙකක් සපයයි. ගින්න හේතුවෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

Leave A Reply

Your email address will not be published.