කෙළොම්බියානු ආරක්ෂක ඇමති ගිලර්මෝ බොටේරෝ ඉල්ලා අස්වෙයි

කෙළොම්බියානු ආරක්ෂක ඇමති ගිලර්මෝ බොටේරෝ සිය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.

නිති විරෝධී ඝාතන චෝදනා සම්බන්දව කොන්ග්‍රසයෙන් එළවා දැමිය හැකි බවට එල්ලවන තර්ජන හේතුවෙන් දේශපාලන බලපෑම් වැඩිවීම තමාගේ ඉල්ලා අස්වීමට හේතුව බව ඔහු පවසයි.

ව්‍යාපාරිකයෙකු වන 71හැවිරිදි බොටේරෝ පසුගිය කාලයේ දරුණු ලෙස අපකීර්තියට පත්වූ බව මාධ්‍ය සඳහන් කරයි.

හමුදාව විසින් මෑතකදී සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් ළමුන් මියගිය බවට තොරතුරු වසන් කළේයැයි පසුගිය සතියේ සෙනෙට් සභිකයෙක් ඔහුට චෝදනා  කළේය .

විරුද්ධවාදීන් පවසන්නේ හිටපු ෆාර්ක් සටන්කාමීන් දෙදෙනකු හමුදාව විසින් ඝාතනය කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැඩිවීමක් ද බොටේරෝ සිය තනතුරට නුසුදුසු බව පෙන්නුම් කළ බවයි.
“දේශපාලන වාතාවරණය ගැන සුදුසු කියවීමක් තිබීම ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ යුතුකමයි. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා” යැයි බොටේරෝ ට්වීටර් පණිවුඩයකින් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.