හෙරෝයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කොහුවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේ දී කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ(07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වු ශ්‍රී සරණංකර පාර, බෝධියවත්ත ලිපිනයේ පදිංචි ජයන්ති පෙරේරා යන අයෙකි.

සැකකරු අද(08) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

මේ අතර මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදි හෙරෝයින් ග්‍රෑම් 112 යි මිලිග්‍රෑම් 720 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ(07) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 33 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන අතර ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.