බ්‍රිතාන්‍යයේ කන්ටේනරය තුල තිබි හමුවු මළ සිරුරු වියට්නාම ජාතිකයන්ගේ බවට තහවුරු වෙයි

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ දී කන්ටේනර් ලොරි රථයක තිබී හඳුනාගත් සියලු මළ සිරුරු 39 ම වියට්නාම වැසියන්  බව නිල වශයෙන් හඳුනාගෙන ඇත.

පසුගිය 23 වනදා අදාළ මළ සිරුරු සහිත ලොරි රථය සොයාගත් අතර  පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු  එහි සිටි බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උතුරු අයර්ලන්ත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම ජාවාරමට සම්බන්ධ කිහිපදෙනෙකු වියට්නාමයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.