ඥාණසාර හිමියන්ට එරෙහි පෙත්සමක් ලබන වසරේ සලකා බැලීමට නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද(08) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින්  මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

Leave A Reply

Your email address will not be published.