එකම පවුලේ දෙපිරිසක් තියුණු ආයුධ වලින් පහර දීගෙන – සිව්දෙනෙකු රෝහලේ

කිලිනොච්ච්ය තට්ටුවන්කෝට්ටෙයි ප්‍රදේශයේදී එකම පවුලකට අයත් දෙපිරිසක් අතර ඊයේ(8) රාත්‍රී ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් එක් පාර්ශ්වයක් අනෙක් පාශ්වයට මන්නා පිහියකින් කෙටීම නිසා
හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල කරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. මෙහිදී තුවාල ලබා ඇත්තේ පළාතේ ග්‍රාම නිලධාරිවරයාගේ සහෝදරයන් දෙදෙනෙකු හා තවත් කාන්තාවක් සහ එම පවුලටම සම්බන්ධ තවත් අයෙකි.

මෙම ගැටුමේදී මන්නා පිහියෙන් කෙටීමට අමතරව වීදුරු බෝතල් වලින්ද පහර දීමක් සිදුව තිබේ. කිළිනොච්චිය පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.