සම්බන්ධන්ට එරෙහිව මහමඟ විරෝධතාවක්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාට එරෙහිව ඊයේ(10) වවුනියාව යාපනය මාර්ගයේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

වවුනියාවේ ස්වේච්ඡා සංවිධාන කීපයක් වීසින් මේ විරෝධතාවය සංවිධානය කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ඒකීය රාජ්‍යක් තුළ පමණක් බලය බෙදීමකට සූදානම් බවට වවුනියාවේදී කළ ප්‍රකාශයකට විරෝධය පල කිරීම පිණිසයි.

විරෝධතාකරුවන් කියා සිටියේ දෙමළ ජනතාව බලාපොරොත්තුවන අන්දමේ දේශපාලන විසදුමක් සජිත් ප්‍රේමදාස මහතාගෙන් නොලැබෙන බවට දැන දැනත් සම්බන්ධන් මහතා අතුළු දෙමළ ජාතික
සන්ධානය ඔහුට සහය පක කිරීම කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවක් බවයි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු කීප දෙනෙකු සිංහල අපේක්ෂකයෙකුට සහය දී පිහිටුවා ගන්නා ලද රජයෙන් විවිධ දේ ලබා ගැනීමේ අරමුණින් මෙසේ ක්‍රියා කරණ බවට විරෝධතාකරුවෝ චෝදනා කොට සිටියහ.

Leave A Reply

Your email address will not be published.