ඩෙංගු නිසා වවුනියාවේ එක් පාසලක් පමණක් වසා තැබීම හාස්‍යට කරුණක්

ඩෙංගු උණ රෝගය පැතිර යාමේ අවදානමක් මත වවුනියාව රම්බකුලම බාලිකා විද්‍යාලය පමණක් වසා දැමීම හාස්‍යයට කරුණක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසීය.

වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් ගණනාවක්ම ඇති බව කී ලේකම්වරයා ඒ සෑම පාසලක්ම ඩෙංගු අවදානමකට ලක්ව ඇති බවද කියා සිටියේය. මේ නිසා ඉදිරියේ ඇති සති අන්ත නිවාඩු කාලයද උපයෝගී කරගෙන වවුනියාව නගරයේ සියලුම පාසල් ඩෙංගු තර්ජනයෙන් බේරා ගැනීමට පුලුල් වැඩ
පිළිවෙලක් සකස් කළ යුතු බවද ස්ටාර්ලින් මහතා පැවසීය.

වවුනියාව නගරයේ පාසල් වලට ඩෙංගු අවදානමක් ඇතිවූයේ එම පාසල් පිරිසිදුව තබා නොගැනීම නිසා බවට චෝදනා කළ ලේකම්වරයා පැවසුවේ ළමයින්ගෙන් අධික ලෙස මුදල් මෙම පාසල් වලින් එකතු කරණු ලැබුවත් එම මුදල් පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සදහා යෙදවීමක් නොමැති නිසා මේ
තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ඩෙංගු අවදානම නිසා වවුනියාව රම්බකුලම බාලිකා විද්‍යාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල සීල් තබා ඩෙංගු මර්දන කටයුතු ආරම්භ කරණ ලෙස උපදෙස් දී තිබේ.

Leave A Reply

Your email address will not be published.