කාන්තා ඝාතනයට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරක්

ගෘහස්ථ හිංසන මගින් පුරුෂයන් විසින් ගැහැණුන් මරා දමනු ලැබීමට (femicide) එරෙහිව ප්‍රංශයේ නගර ගණනාවක දියත් කෙරෙනු දැවැන්ත විරෝධතා ව්‍යාපාර සමඟ එම නගරවල වීදි දම්පැහැ ගනිමින් තිබුණි.

කාන්තාවන් මරාදමනු ලැබීමට පමණක් නොව ලිංගිකත්වය පදනම් කරගත් වෙනත් හිංසනවලට එරෙහිවත් එම විරෝධතා ව්‍යාපාරවලදී හඬ නගනු ලැබුණි.

කාන්තාවන්ට එරෙහි හිංසන ඉදිරියේ බලධාරීන් ඇස්වසා ගෙන සිටින බවට එම පෙළපාලිවලට සහභාගී වූ කාන්තාවෝ චෝදනා කළහ.

මෙ අතර ප්‍රංශ සමාජයේ ගෘහස්ථව සිදු කෙරෙන හිංසනවලට එරෙහිව ඒවා මැඩලීමේ වැඩපිළිවෙලක් සඳුදා (නොවැම්බර් 25) ප්‍රකාශයට පත් කරනු ලැබීමට සැලසුම් කෙරෙමින් ඇති බවක් ද වාර්තා විණි.

ගෘහස්ථව සිදු කෙරෙන හිංසනවලදී කාන්තාවන් මරා දමනු ලැබීමේ අපරාධවල අනුපාතය අතින් ප්‍රංශය මුල් තැනක් ගනු ලබන එක් බටහිර යුරෝපා රාජ්‍යයක් වේ.

ප්‍රංශයImage copyrightEPA
Image captionපැරිස් නගරයේ ප්‍රධාන රැලිය ආරම්භ වුණේ නගර කේන්ද්‍රයේ පිහිටි ‘ඔපෙරා’ රඟහල අසලිනි.

පැරණි සහකරුවන් විසින් ප්‍රංශ පවුල්වල කාන්තාවන් 115 දෙනෙකුවත් මේ වසර තුළදී පමණක් මරා දමනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළහ.

එම තත්ත්වයට එරෙහිව වෘත්තීය සමිති සහ සංවිධාන ගණනාවක් නැගී සිටි අතර ඔවුන් විසින් වීදි පෙළපාලි තිහක් (30) පමණ සංවිධානය කර තිබිණි.

පැරිස් නගරයේ ප්‍රධාන රැලිය ආරම්භ වුණේ නගර කේන්ද්‍රයේ පිහිටි ‘ඔපෙරා’ රඟහල අසලිනි.

ධජ පතාක රැගත් ජනතාව දහස් ගණනින් එම පෙළපාලියට එක්වීමත් සමඟ පැරිසිය දම් පැහැයට හැරුණ බව මාධ්‍ය වාර්තා කළහ.

“අපි හිතනවා – මෙය ඓතිහාසික පෙළපාලියක් වේවි කියල”පෙළපාලියේ සංවිධායිකාවක් වූ කැරොලයින් ඩි හාස් (Caroline De Haas) AFP පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.

“මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යොමුවෙන අවධානයේ මට්ටම ඉතාම වේගයෙන් ඉහළ යමිනුයි පවතින්නේ” කැරොලයින් වැඩිදුරටත් සඳහන් කළාය.

කාන්තාවන් මරාදමනු ලැබීමට (femicide) සහ ඔවුන්ට කෙරෙන හිරිහැර ආදියට එරෙහිව පැරිසියෙහි පමණක් නොව වෙනත් ප්‍රධාන නගරවලත් විරෝධතා ව්‍යාපාර පෙරට යමින් පවතී.

ප්‍රංශයImage copyrightEPA
Image captionධජ පතාක රැගත් ජනතාව දහස් ගණනින් එම පෙළපාලියට එක්වීමත් සමඟ පැරිසිය දම් පැහැයට හැරුණ බව මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ප්‍රංශයේ මාර්සෙයි (Marseille)වරාය නගරයේ පැවති උද්ඝෝෂණවලදී විරෝධතාවාදීහු ගෘහස්ථ හිංසනවලට ගොදුරුවූ ඇතැමුන්ගේ නම් ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කළහ.

AFP මාධ්‍යජාලය ඇස්තමේන්තු කරන පරිදි, ප්‍රංශයේ සෑමදවස් තුනකට එක් කාන්තා ඝාතනයක් වාර්තා වේ.එම කාන්තා ඝාතන සිදු කරනු ලබන්නේ එම කතුන්ගේ කලින් හෝ වත්මන් සහකරු විසිනි.

2017 වසරේ දී ප්‍රංශයේ කාන්තාවන් 123 දෙනෙක් මරා දමනු ලැබ ඇතැයි යුරෝපා හවුලේ සංඛ්‍යාදත්ත තොරතුරු ආයතනයේ (Eurostat) හවුල්කරුවෝ පවසති.

එම ප්‍රවනතාවට එරෙහිව මුලින් කී විරෝධතා ව්‍යාපාර සංවිධානය කෙරුණේ, ප්‍රංශ ආණ්ඩුව විසින් දියත් කරන ලද මාස තුනකට ආසන්න කාලයක් පෙරට ගිය උපදේශන කාල සීමාවකින් අනතුරුවය.

එම සාකච්ඡා ගෘහස්ථ හිංසන මැඩලීමට අවශ්‍ය සුවිශේෂී වැඩපිළිවෙලක් ස්ථාපනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු තබති.

e captionවාතැන් මධ්‍යස්ථාන දහසක් (1000) ඉදි කිරීම ඇතුළුව ලබන වසරේ පටන් හදිසි නේවාසික පහසුකම් සැලසීමේ හදිසි වැඩ පිළිවෙලක් ප්‍රංශ ආණ්ඩුව පසුගිය සැප්තැම්බර් මාසයේ නිවේදනය කරනු ලැබ ඇත.

එසේම කාන්තා පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගනු ලබන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා පොලිස් ස්ථාන හාරසියයක් (400) පිහිටුවීමද ඊට ඇතුළත් වේ.

කාන්තාවන් මරා දැමීමේ අපරාධය පාලනය කිරීම සඳහා යුරෝ දශ ලක්ෂ පහක (€5m) මුදලක් යොදවන බව ප්‍රංශ අගමැති එඩුවාඩ් ෆිලිපේ (Edouard Philippe) පවසයි.

එම සැලැස්ම අනුව පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය සරල කෙරෙනු ඇත.

අනතුරුදායක තත්වයක සිටින කාන්තාවන්ගේ රැකවරණය සහතික කෙරෙනු ඇත.

එසේම,එම කාන්තාවන්ට තර්ජනයක් වී ඇති ඔවුන්ගේ සහකරුවන් වහාම පවුලෙන් ඈත් කිරීමට කටයුතු කෙරේ.

ප්‍රංශයImage copyrightREUTERS
Image captionAFP මාධ්‍යජාලය ඇස්තමේන්තු කරන පරිදි, ප්‍රංශයේ හැම දවස් තුනකට එක් කාන්තා ඝාතනයක් වාර්තා වෙයි

කාන්තාවන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කිරීම සඳහා ගෘහස්ථ හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් හෝ පවුලෙන් ඈත් කර තබා සිටින පුද්ගලයන්ගේ අතෙහි විද්‍යුත් වළල්ලක් සවි කිරීම ප්‍රංශ අගමැතිවරයාගේ තවත් අදහසකි.

එමගින් ඔවුන්ගේ ගමන් බිමන් ආදිය නිරීක්‍ෂණය කළ හැකි වේ.

 

(උපුටා ගැනීම BBC Sinhala )

Leave A Reply

Your email address will not be published.