හයිද්‍රාබාද් පශු වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක් වන ප්‍රියංකා රෙඩ්ඩි දූෂණය කර පුලුස්සා ඝාතනය කිරිමේ සිද්ධියක් වාර්තා වුණි.

26 හැවිරිදි වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ පිළිස්සුන සිරුර හද්‍රාබාද්හි පාළු මාවතකින් සොයා ගනු ලැබුණේ නොවැම්බර් 26 වෙනිදාය. ඇයව දූෂණය කොට බොහෝ වදහිංසා පමුණුවනු ලදුව තම නිවසට කිලෝමීටර් 30 එපිටින්ම පණ පිටින් දවා දමන්නට සාහිකයන් විසින් කටයුතු කොට තිබිණි.

පසුගිය බදාදා රාත්‍රියේ හයිද්‍රාබාද් නුවරට ආසන්නයේදි ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් 04දෙනෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රක් රථ රියදුරු මොහොමඩ් අරීෆ් 26, ශෝධක( cleaner) ජෝලූ ශිවා20, රියදුරු ජෝලූ නවීන්20,සහ චෙන්නකේශවුලු 20 මේ සම්බන්ධව චෝදනා ලබා සිටින්නෝය.

තම පශු ශල්‍යාගාරයේ සිට නිවසදෙසට පුද්ගලික මෝටර් සයිකලයෙන් ගමන් කරමින් සිටි වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ  මෝටර්සයිකලයේ රෝදයක කුඩා සිදුරක් ( puncture) ඇති වී තිබෙන අතර සැකකරුවන් ඈට රෝදය සකසා දෙන මුවාවෙන් මෙම අපරාධය සිදු කර ඇතැයි වාර්තා වෙයි.

දූෂණය වූ තැනට කිලෝමීටර් පහලවක් එපිටින් ඇගේ දැවී ගිය සිරුර හමුවන තුරු ඇය ගැන කිසිදු හෝඩුවාවක් දැනගැනීමට කිසිවකුට හැකියාවක් ලැබි නැත.

 

Leave A Reply

Your email address will not be published.