ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමි කර ගනී

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු 13 වැනි ක්‍රීඩා උළෙලේ පිරිමි ඒකළ ටයිකොන්ඩෝ තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුක ප්‍රභාත් අද රන් පදක්කම දිනා ගත්තා.

ඒ වයස අවුරුදු 17ත් 23ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරග වදිමින්.

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ද මෙයයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හංසිකා හේෂානි හෙට්ටිආරච්චි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා කරාතේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේ අතර මීටර් 100 පිරිමි ඉසව්ව සහ කාන්තා ඉසව්වට අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.