කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් සොයාගනී

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ සිටින සිරකුටියේ තිබී ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.

අද පෙරවරුවේ කළ මෙහෙයුමකදී එම ජංගම දුරකතනය සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිර මැදිරියෙහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනය රඳවා තබා ඇත.

එලෙස සොයාගෙන ඇත්තේ සාමාන්‍ය මට්ටමේ දුරකතනයක් වන අතර එහි සිම්කාඞ් පත එම අවස්ථාවේ නොතිබූ බවද පවසයි.

ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා ජංගම දුරකතනය බන්ධනාගාර මූලස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.