අම්බලන්ගොඩ සිදුවූ රිය අනතුරින් එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනා මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (02) පස්වරුවේ මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.

අද (02) සවස 2.00ට පමණ මෙම අනතුර  සිදුව ඇති බව වාර්තා වෙයි.

එම අනතුරින් මව සහ දියණියන් දෙදෙනා මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව සහ ඇගේ අවුරුදු 24ක් සහ අවුරුදු 28ක් වයසැති දියණියන් දෙදෙනායි.

මේ අතර මෙම අනතුරින් තුවාල ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

 

Leave A Reply

Your email address will not be published.