බීඩි කොළ කිලෝ 297ක් සොයා ගනී

මන්නාරම තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ නාවික හමුදාව විසින් අද (2)  සිදු කළ සෝදිසි කිරීමකදී අයිතිකරුවකු නොමැති බීඩි කොළ කිලෝග්‍රෑම් 297.7ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ වෙරළ තීරයේ සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදී ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී වෙරළට ඔබ්බෙන් වූ කැලෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී පාර්සල් 08ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂා කිරීමේදී එහි තුල තිබී මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

සොයා ගන්නා ලද එම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Leave A Reply

Your email address will not be published.