ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගනවා – එස්.ශ්‍රීකාන්තා

තමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවීමට පෙර නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ඊයේ(2) යාපනයේදී පැවසීය.

යාපනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි විමෙන් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතාට සහය දැක්වීමේ චෝදනාව මත තමන්ටත් තවත් දෙදෙනෙකුටත් ටෙලෝ නායකයා විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බව දැණුම් දී ඇති බවයි.

ටෙලෝ සංවිධානයේ නායකයා වශයෙන් තමන්ටත් යාපනයේ ලේකම්වරයා වන සිල්වෙස්ටර් විමල් රාජ් නැමැත්තාටත් එහි උප ලේකම් එස්.ජෙගනාර් නැමැත්තාටත් එරෙහිව එම විනය පරීක්ෂණය පැවැත්වෙන බව කී ශ්‍රීකාන්තා මහතා ඔවුන් ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දීමට ඔවුන් සියළු දෙනාම සූදානම් බවද කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටි නිසා ඔහුට සහය දැක්වීමේ කිසිම වරදක් නොමැති බව පෙන්වා දුන් ශ්‍රී කාන්තා මහතා තමන් ඇතුලු අනෙක් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සංවිධානයෙන් ඉවත් කළ හොත් ඉන් සති දෙකක් ඉකුත් වීමට පෙර යාපනයේදී ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් පිහිටුවා දේශපාලන කටයුතු කරගෙන යන බවද ශ්‍රී කාන්තා මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.