පෙඩරල් ක්‍රමයක් යනු රට බෙදීමේ දේශපාලන විසදුමක් නොවේ – විග්නේස්වරන්

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන නමුත් එහි සදහන් බලතල තුළින් දෙමළ ජනතාවට කිසිවක් නොලැබෙන නිසා මේ ප්‍රශ්නයට ඉන්දියාව මැදිහත් වී පෙඩරල් විසදුමක් ලබා දිය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ(2) සදහන් කොට තිබේ.

යාපනයේදී නිකුත් කළ නිවේදනයක් මගින් ඔහු සදහන් කොට ඇත්තේ පෙඩරල් ක්‍රමයක් යනු රට බෙදීමේ දේශපාලන විසදුමක් නොවන බවයි.

මෙරට දෙමළ ජනතා ව පෙරටත් වඩා අසීරූ ගැටළුවලට මුහුණපාමින් සිටින බව ඉන්දියාව තේරුම්ගත යුතුව සදහන් කරණ විග්නේස්වරන් මහතා එදා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත්
කරණ ලද්දේ යුද්ධයට එක් විසදුමක් වශයෙන් බවද සිය නිවේදනයේ සදහන් කොට ඇත.

නමුත් මේ අවස්ථාවේදී රට තුළ යුද්ධයක් නොමැති නිසා දෙමළ ජනතාවට ලබා දෙන විසදුම් ක්‍රියාවලියේ යම් බලගතු භාවයක් හා දෙමළ ජනතාවගේ ස්වාධීනත්වය ආරක්ෂා වන අන්දමේ විසදුමක් විය යුතුව ඇතැයිද නිවේදනයේ සදහන් කොට තිබේ.

Leave A Reply

Your email address will not be published.