නිවස තුල නිධන් හෑරු අයියා මලෝ අත්අඩංගුවට – O/L ලියන නිසා මල්ලිට ඇප

වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් හාරමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් ලා බාල සැකකරුට මෙවර අපොස.සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට වවුනියාව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

නිධන් හෑරීමේ සිද්ධියට ඔහු සමග ඔහුගේ තවත් වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකුව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ අපොස සාමාන්‍ය පෙල විභාගය ආරම්භ වීමට දින තුනකට කලිනි.

පොලීසිය විසින් අදාල සැකකරු පිළිබදව මහේස්ත්‍රාත්වරයාට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව විභාගයට පෙනී සිටීමට නියමිත සැකකරුව රුපියල් 50000 ක ශරීර ඇපමත නිදහස් කොට තිබේ.

අනෙක් සැකකරුවන් තුන් දෙනා මේ මස 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

ඔවුන් පදිංචිව සිටින නිවසේ ගෙබිමට යට නිධානයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමගම පවුලේ සහෝදරයින් තුන්දෙනා එක්ව එම නිධානය ගොඩ ගැනීම පිණිස අඩි දොළහක පමණ වළක් හාරමින් සිටියදී පොලීසිය ඔවුන් තුන් දෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබුණි.

Leave A Reply

Your email address will not be published.