මෙවරත් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් සම්මානය මෙසීට

ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ඉදිරි පෙළ ක්‍රීඩක ලියනොල් මෙසී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේ ය.

ඒ පැරිස් හී පැවැති අන්තර්ඡාතික පාපන්දු සම්මේලනය විසින් පවත්වන බැලෝන් ඩෝර් සම්මාන උළෙලේදීයි.

32 හැවිරිදි ලයනල් මෙසී එම සම්මානය දිනාගත් 6 වන අවස්ථාව මෙය වන අතර මෙවර රන් සම්මානය දිනාගත්තේ 2015න් පසුවය.

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් සම්මානය සදහා තරග කළ ක්‍රීඩකයිගෙන් දෙවන ස්ථානය නෙදර්ලන්තයේ වර්ජිල් වෑන් ඩෙයික්ට හිමිවූ අතර තුන්වන ස්ථානය පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝට හිමිවූහ.

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ මෙම සම්මානය 5 වතාවක් ජයග්‍රහණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.