ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටින් පිටවීම තහනම් කරයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියාර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව මේ මස 9 දා තෙක් විදේශ ගත වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය අද (03) නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි.

ඒ අනුව අදාළ නිලධාරිනියට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් තවත් නියෝගයක් කළේය.

 

Leave A Reply

Your email address will not be published.