පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ලබන ජනවාරි 03 වැනිදා – ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අත්සන් තැබූ ගැසට් නිවේදනයට අනුව 08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ලබන ජනවාරි 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගැසට් නිවේදනයත් සමඟම 8 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අවසන් විය.

1947 වර්ෂයේ සිට 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබේ.1978 වසරින් පසුව පමණක් පාර්ලිමේන්තු 1947 වර්ෂයේ සිට 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබේ.  1978 වසරින් පසුව පමණක් පාර්ලිමේන්තු සභා වාර 25 ක් පවත්වා ඇත. වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධූරයේ අඛණ්ඩව කටයුතු කරන අතර, වාරාවසාන කිරීමක් තුළින් ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරි අවසන් නොවේ. ඒ අනුව, නව වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරි පවතින අදියරේ සිට ඉදිරියට ගෙන යාමට හැකියාව පවති. වාරාවසාන කිරීම අවසන් වී නව සභා වාරයක් ආරම්භ වන විට, එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ. එහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධූරයේ අඛණ්ඩව කටයුතු කරන අතර, වාරාවසාන කිරීමක් තුළින් ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරි අවසන් නොවේ. ඒ අනුව, නව වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරි පවතින අදියරේ සිට ඉදිරියට ගෙන යාමට හැකියාව පවති.

අටවන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරය ඊයේ (02) වාරඅවසාන කළද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වන, කථානායක වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ තවදුරටත් ක්‍රියාත්මක වේ.

එයට අමතරව උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක පහත දැක්වෙන ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ලම තවදුරටත් ක්‍රියාත්මකය.

1.කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
2.ව්‍යාපාර සහ වානිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
3.ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
4.අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
5.බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
6.සෞඛ්‍ය සහ මානව සුභ සාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,
7.අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
8.ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
9.නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
10.නිෂ්පාදන සහ සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
11.ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
12.ප්‍රතිසන්ධාන හා උතුර හා නැගෙනහිර නැවත ගොඩනැඟීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
13.තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
14.ප්‍රවාහනය සහ සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
15.කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
16.තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාව ද අහෝසි වේ. ලංකාවේ කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථා‌‌වෙන් පිළිගනු ලැබ ඇති අතර, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත්, පාර්ලිමේන්තු රැස්වීම් වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත්, ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ.

Leave A Reply

Your email address will not be published.